වාහනයක් Import කරගන්නේ කොහොමද බලමු

 


වාහනයක් Import කරගන්නේ කොහොමද බලමු 🚗


ලංකාවේ වාහන මිල ඉහල ගිහින් 😡 අවිධිමත් ලෙස වාහන සේල්කරන පුද්ගලයින්ගේ රත්තරං ගණන් නිසා ඔබේ බජට් එකට වාහනයක් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා.


1️⃣ ජපන් වාහන ලංකාවේ ජනප්‍රියයි මොකද ඒවා හොඳ තත්ත්වයේ, ඉන්ධන කාර්යක්ෂමයි, ඒ වගේම ලංකාවට ගැලපෙනවා. Toyota, Honda, Nissan, Suzuki වගේ Brand එකේ ලාභම Used Cars ගන්න ජපානයේ Auction Sites වලින් පුලුවන්.


2️⃣ කොහොමද Import කරන්නේ?


* විශ්වාසදායක Exporter කෙනෙක් හොයන්න.  


* Auction System එක භාවිතා කරන්න: ජපානයේ Auction Houses 150,000+ වාහන සතියකට ලබා දෙනවා. ඔබේ බජට් එකට ගැලපෙන එකක් තෝරගන්න. Auction Sheet එක බලලා තත්ත්වය චෙක් කරගන්න පුලුවන්


* JAAI Certificate එක අවශ්‍යයි: ලංකාවට ගේන ඕනෑම ජපන් වාහනයකට Japan Auto Appraisal Institute (JAAI) සහතිකය ඕන. මේක නැති වාහන ගන්න එපා! 

* Shipping එක ගැන හිතන්න: Colombo හෝ Hambantota වරායට Container Shipping තෝරගන්න. RoRo Shipping ලාභයි උනත් වාහනයට හානි වෙන්න පුළුවන් නිසා Recommend කරන්නේ නම් නැහැ


3️⃣ ලංකාවේ රේගු බදු ගැන දැනුවත් වෙන්න


* වාහන නිෂ්පාදිත කාලය මත: Cars (3 years), Vans (5 years), Trucks (4 years). 


* බදු: Excise Duty (200-300%), VAT (18%), Ports and Airport Levy (5%). ඒ නිසා බජට් එක හදාගන්න Calculator එකක් භාවිතා කරලා පුළුවන්. CalLK පහත Link එකෙන් පුලිවන් එය නිවැරදිව කරගන්න    https://cal.lk/vehicle-cost-calculator/


* Customs Clearance: Licensed Customs House Agent කෙනෙක් අවශ්‍යයි.


4️⃣ Scams වලින් බේරෙන්න

ලංකාවේ සේල් කාරයෝ ගහන ගණන් ගැන හිතනකොට Import කරන එක ලාභයි තමා නමුත් ජපානයෙන් ගන්නකොටත් Scams ගැන අපි සැලකිලිමත් විය යුතුයි


* JUMVEA (Japan Used Motor Vehicle Exporters Association) Member Exporter කෙනෙක් තෝරන්න. 


* Auction Sheet, Export Certificate බලන්න. Odometer Fraud (Mileage වෙනස් කිරීම) ගැන බලාගන්න. 


* Full Payment එක එකවර දෙන්න එපා. Escrow Service එකක් හෝ Letter of Credit (L/C) භාවිතා කරන්න. 


5️⃣ අඩුමිලට ගන්න පුලුවන් තව ක්‍රම


* Zero-Mileage Cars: ලංකාවේ සේල් කාරයෝ ගහන ගණන් වලට Brand New එකක් ගන්නත් පුළුවන්! 


* Group Imports: යාළුවෝ එක්ක එකතු වෙලා Container එකකට ගේන්න. Shipping Cost බෙදාගන්න. 



Comments

Popular posts from this blog

Kei Cars සහ WagonR !!!

වර්ථමාන වාහන මිල